― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot NewsIMF දෙවැනි වාරිකය සතියකින් ලැබෙයි - බන්දුල

IMF දෙවැනි වාරිකය සතියකින් ලැබෙයි – බන්දුල

සතියක් ඇතුළත IMF දෙවැනි වාරිකය මෙරටට ලැබෙන බවට තමා විශ්වාස කරන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

චීනය, ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය යන රටවල් නිල වශයෙන් ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට එකඟතාවය පළ කර ඇති බවත් මීළඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීම එළඹෙන 12 වැනිදා පැවැත්වුණ හොත් 12 වෙනිදාම දෙවන ණය වාරිකය මෙරටට ලැබෙන බව මුදල් විෂයභාර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළ බවත් කැබිනට් ප්‍රකාශකවරයා එහිදී අවධාරණය කළේය.