― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsසෞඛ්‍ය වෘත්තීය සමිති හෙට වැඩ වර්ජනයක

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට වැඩ වර්ජනයක

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිතය.

රුපියල් 35,000කින් ඉහළ දැමීමට තීරණය කළ වෛද්‍යවරුන්ගේ ඩැට් දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලමිනුයි ඔවුන් මෙම සංකේත වැඩ වර්ජනයේ නිරත වන්නේ.

ඊයේ දහවල්ද වෘත්තී සමිති කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ අතර සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දීමනාවක් ලබා දීම කෙරෙහි රජය හෝ මුදල් අමාත්‍යාංශය පාර්ශ්වයෙන් සාධනීය මැදිහත් වීමක් නොමැති වීම හේතුවෙන් හෙට දිනයේ සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධව වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති පවසන්නේ.