― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsහෙට රට පුරා ලොතරැයි අලෙවිය නවතී

හෙට රට පුරා ලොතරැයි අලෙවිය නවතී

දීප ව්‍යාප්ත ලොතරැයි අලෙවි නියෝජිතයින් හෙට (06) සිට ලොතරැයි අලෙවියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමය අද (05) මාධ්‍ය හමුවක් පවත්වමිනුයි මේ බව සඳහන් කළේ.

එහිදී ඔවුන් වැඩිදුරටත් අවධාරණය කළේ ලොතරැයි අලෙවි නියෝජිතයින් වෙනුවෙන් ලබාදෙන කොමිස් මුදල් ලබානොදීම සහ වරප්‍රසාද සහා අනෙකුත් දීමනා ලබානොදීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ගයට එළෙඹෙන බවයි.