― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsපාසල් අනධ්‍යයන සේවකයින් වැඩ වර්ජනයක

පාසල් අනධ්‍යයන සේවකයින් වැඩ වර්ජනයක

දිවයින පුරා අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අද (24) ආරම්භ කළා.

මේ අතර රජරට විශ්ව විද්‍යාලයේ අනධ්‍යන සේවක සංගමය ආරම්භ කළ සත්‍යග්‍රහයට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ද අද එක් වුණා.

අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ සිය වැටුප් ගැටලුව විසඳීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් අද හෙට අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

කෙසේ වෙතත් පාසල් අධ්‍යාපන කටයුතු සඳහා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් බලපෑමක් එල්ල වී නැතැයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවා.

මේ අතර වැටුප් ගැටලුවක් මුල්කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ද අනිද්ඩා ලෙඩ නිවාඩු වාර්තා කිරීමට නියමිතයි.

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් ක්‍රියාත්මක කර ඇති වර්ජනයට සමගාමීව රජරට විශ්ව විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලය මේ වනවිට මිහින්තලේ රජරට විශ්ව විද්‍යාලය ඉදිරිපිට සතයග්‍රහයක නිරතව සිටිනවා.

එමෙන්ම හෙට සහ අනිද්දා දෙදින අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ රාජ්‍ය අංශයේ විධායක නිලධාරීන් හට බලපා ඇති වැටුප් හා දිමනා විෂමතාවයට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින්.

18,000කට අධික විධායක නිලධාරීන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වනු ඇති.