22 C
Colombo
Sunday, February 16, 2025

― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeHot Newsගුරු - විදුහල්පති වර්ජනය දෙවැනි දිනටත්

ගුරු – විදුහල්පති වර්ජනය දෙවැනි දිනටත්

ගුරු – විදුහල්පති වෘත්තිය සමිති අද (27) දෙවැනි දිනටත් අසනීප නිවාඩු දමා විරෝධතාවේ නියැලෙනවා.

වැටුප් විෂමතා ඉවත් නොකිරීම, ස්ථාන මාරු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වර්ජනයේ නිරත වනවා.

දිවයින පුරා සිටින සියලුම ගුරු – විදුහල්පතිවරුන් විසින් ඊයේ (26) උදෑසන මෙම වර්ජනය ආරම්භ කළා.

එහිදී එම විරෝධතාවට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ඔවුන් අද දිනයේදීත් වැඩ වර්ජනයේ නිරත වීමට තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් අද (27) දිනයේදී සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.