― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsබ්‍රිතාන්‍ය මහ මැතිවරණය අදයි

බ්‍රිතාන්‍ය මහ මැතිවරණය අදයි

බ්‍රිතාන්‍ය මහ මැතිවරණය අද (04) ආරම්භ වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේය බ්‍රිතාන්‍ය දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක මැතිවරණයක් බවයි.

ඒ අනුව එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තය පුරා මැතිවරණ කොට්ඨාශ 650ක දී එරට වේලාවෙන් අද පෙරවරු 07ට ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වනවා.

මෙවර මැතිවරණයේදී බ්‍රිතාන්‍යයේ වෙසෙන සංක්‍රමණික ඡන්දදායකයින්ට ද ඡන්දය ප්‍රකාශ කළ හැකි වීම විශේෂත්වයක්.

ඒ අනුව නයිජීරියාව, ඉන්දියාව සහ මැලේසියාව වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සරණාගතයින්ට සහ සංක්‍රමණිකයන්ට ද බ්‍රිතාන්‍ය නව පාලනය සම්බන්ධයෙන් තීරණ ගැනීමෙ අවස්ථාව හිමිවෙනවා.

බ්‍රිතාන්‍යයේ වසර 14ක සිට බලයේ සිටින අගමැති රිෂි සුනක්ගේ කොන්සර්වේටිව් පක්ෂය පරදා මෙවර මැතිවරණයේ දී බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගනු ඇති බවට දැනටමත් අනාවැකි පළ වී තිබෙනවා.

එම අනාවැකි වඩිදුරටත් පවසන්නේ මෙවර මැතිවරණයෙන් කොන්සවේටිව් පක්ෂ අගමැති රිෂි සුනක්ට සිය ආසනය වන රිච්මන්ඩ් පවා අහිමිව යනු ඇති බවට‍යි.

වසර 2019 දී වැඩි ඡන්ද 27,000 කින් සහ 63%ක ඡන්ද ප්‍රතිශතයකින් සිය ආසනය ජයගත් ඔහුගේ ජනප්‍රියතාව මේ වනවිට විශාල වශයෙන් පහළ බැස ඇති බවටයි සමීක්ෂණ වාර්තා අනාවරණය කර ඇත්තේ.

කොට්ඨාස ක්‍රමය මත පැවැත්වෙන බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් ඒ් ඒ් මැතිවරණ ආසනය ජයගත් පක්ෂ අපේක්ෂකයින්ගෙන් බහුතරය අයත් පක්ෂයේ නායකයා එරට අගමැති ධුරය සඳහා පත්වෙනවා.