― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපොලිස් නිල සුනඛ අංශයට නෙදර්ලන්තයෙන් අමුත්තන් රැසක්

පොලිස් නිල සුනඛ අංශයට නෙදර්ලන්තයෙන් අමුත්තන් රැසක්

පොලිස් නිල සුනඛ අංශය සඳහා රුපියල් පන්කෝටි අසූ ලක්ෂයක් වටිනා සුනඛයන් 35 දෙනෙකු නෙදර්ලන්තයේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (05) අලුයම රැගෙන විත් තිබෙනවා.

මෙම සුනඛයන් නෙදර්ලන්තයේ සිට කටාර් රාජ්‍යය වෙත ගෙනැවිත්, එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් අද අලුයම 02.05 ට කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත ගෙනැවිත් තිබුණා.

නෙදර්ලන්තයේ පෞද්ගලික සත්ව ගොවිපොලකින් මෙම සුනඛයින් මිලදීගෙන ඇති අතර බෙල්ජියම් මැලිනොයිස් (Belgiam Malinois) වර්ගයේ සුනඛයින් 13ක්, ජර්මන් ෂෙපර්ඩ් (German Shepherd) වර්ගයේ  සුනඛයන් 12ක් සහ ඉංග්ලිෂ් ස්පැනියෙල් (English Spaniel) වර්ගයේ සුනඛයන් 10 දෙනෙකු ඊට අයත්.

මෙම සුනඛයින්ගෙන් 21 දෙනෙකු ගැහැණු සතුන් වන අතර ඉතිරි 14 දෙනා පිරිමි සතුන් වේ.

සුනඛයින් භාර ගැනීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කටුනායක ගුවන්තොටුපොළ සත්ව නීරෝධායන ආයතනය වෙත පැමිණ සිටියේය.

අනතුරුව මෙම සුනඛයින් පොලිස් නිල සුනඛ අංශය වෙත රැගෙන යාම සඳහා එම සුනඛයන්ගේ පුහුණුකරුවන් වෙත භාර දීමට පියවර ගත්තා.

එහිදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මෙම සුනඛයින් මාස 03 ක පුහුණුවකින් අනතුරුව ශ්‍රී ලංකාව පුරා පිහිටි පොලිස් නිල සුනඛ ඒකක වෙත අන්තර්ග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බවයි.

එසේම මෙසේ සුනඛයින් ආනයනය කිරීමේදී දැරීමට සිදු වන අධික පිරිවැය අවම කර ගැනීම සඳහා මෙම සුනඛයන් යොදා ගෙන මෙරට තුළදීම නව අභිජනන ක්‍රියාවලියක් ඇරඹීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසුවා.

විශේෂයෙන්ම මෙම සුනඛයින් විෂ මත්ද්‍රව්‍ය අනාවරණය කර ගැනීම සදහා බස්නාහිර සහ දකුණු පළාත්වල රාජකාරී කටයුතු  සදහා යොමු කිරීමට අපේක්ෂා කෙරෙනවා.