වර්ජනයේ නිරත වූ දුම්රිය ස්ථානාධිපතිවරුන් හා සාමාන්‍යාධිකාරීවරුන් සියලු දෙනා සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන දැඩි තීරණයක් ගෙන තිබෙනවා.
අද (11) දහවල් පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ සේවයට වාර්තා කිරීමට අපොහොසත් වූ දුම්රිය සේවකයින්ට තමන් තනතුරුවලින් ඉවත් වූ බව පිළිගනිමින් ලිපි නිකුත් කළ බවයි.
උසස් වීම් ලබා නොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය 09 වැනිදා මධ්‍යම රාත්‍රියේ ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කරනු ලැබුවා.
කෙසේනමුත් ඊයේ දහවල් 12 වනවිට සේවයට වාර්තා නොකළ හොත් වර්ජනයේ යෙදෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් සේවය අතහැර ගියාසේ සලකන බවයි දුම්රිය වැඩ බලන සාමාන්‍යාධිකාරී එස්.එස්.මුදලිගේ සඳහන් කළේ.
මෙම වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ දිනයේ පමණක් දුම්රිය ගමන්වාර 250ක් පමණ අවලංගු වී තිබුණා.