― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsරනිල් ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදැක්වේ

රනිල් ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදැක්වේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) එළිදැක්වෙනවා.

ඒ අනුව ඉදිරි පස් වසරක කාලය සඳහා ශ්‍රී ලංකාව තුළ ආර්ථික, සමාජීය, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් සියලුම අංශ සංවර්ධනය සිදු කරන ආකාරය පිළිබඳව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සඳහන් වනවා.

එම ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර ඇත්තේ ‘රනිල් සමග රට දිනවන වසර 5ක්’ නමින්.

ඊට අදාළ උත්සවය මේ වනවිට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වෙනවා