30 C
Colombo
Saturday, March 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදියේ ගිලුණු විදෙස් ජාතිකයා STF නිලධාරීන් බේරාගනියි

දියේ ගිලුණු විදෙස් ජාතිකයා STF නිලධාරීන් බේරාගනියි

අරුගම්බේ, උල්ල වෙරළ තීරයේදී අනතුරට පත් විදේශීය ජාතිකයෙකුගේ දිවි බේරා ගැනීමට විශේෂ කාර්ය බලකාය අරුගම්බේ කඳවුරේ ජීවිතාරක්ෂක නිලධාරීන් සමත් වී තිබෙනවා.

උල්ල වෙරළ තීරයේ ජීවිතාරක්ෂක මුරකුටිය ඉදිරිපිට වෙරළේ සිට මීටර් 600 ක් පමණ දුරින් මුහුදේ විනෝද වෙමින් සිටි ඊශ්‍රායල් ජාතිකයෙකු මෙලෙස ඊයේ (01) අනතුරට පත්ව තිබුණා.

එම අවස්ථාවේදී එම ස්ථානයේ රාජකාරියේ නිරත වී සිටි පොලිස් විශේෂ කාර්ය බලකා ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් මෙම ඊශ්‍රායෙල් ජාතිකයා ඉන් මුදාගෙන මූලික ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව පිටත් කර යැවීමට කර තිබෙනවා.