― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeHot Newsදරුවන් ඉදිරියේ බිරියව අවසන් ගමන් යැවූ ස්වාමිපුරුෂයා

දරුවන් ඉදිරියේ බිරියව අවසන් ගමන් යැවූ ස්වාමිපුරුෂයා

ඔස්ට්‍රේලියාවේදී සිය දරුවන් ඉදිරියේ බිරිඳට පොරොවකින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ශ්‍රී ලාංකිකයෙකුට එරට අධිකරණය විසින් වසර 37ක සිරදඬුවම් නියම කර තිබේ.

එම සිරදඬුවම් නියම වූවේ 47 හැවිරිදි දිනුෂ් කුරේරා නම් පුද්ගලයෙකුටය.

ඉහත ඝාතනය සම්බන්ධිත තොරතුරු වික්ටෝරියා ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණයේදී විස්තර කර තිබුණි.

විනිසුරු අමන්ඩා ෆොක්ස් කුරේරාට සමාව ලැබිය හැක්කේ වසර 30කට පසුව බව සඳහන් කළාය.

මීට වසර දෙකකට පෙර, කුරේරා සිය බිරිඳ නෙලෝමී පෙරේරා, 43 හැවිරිදිවියේදී, පොරොවකින් පහරදී ඝාතනය කළේය.

අධිකරණයේදී හෙළිවූයේ, ඇය සිය සැමියාගෙන් වෙන්වීමට සූදානමින් සිටි බවයි.