24.5 C
Colombo
Saturday, January 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙරොයින් සමග 5ක් කොටුවෙයි

හෙරොයින් සමග 5ක් කොටුවෙයි

රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමග කාන්තාවන් දෙදෙනක් ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසිනුයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 10කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25ත් – 40ත් අතර පසුවෙනවා.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිය වැඩිදුරටත් විමර්ශන සිදු කරයි.