― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeHot Newsවෙලේ සුදාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

වෙලේ සුදාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

හෙරොයින් මත්කුඩු ජාවාරම හරහා උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනා වලට වැරදිකරු වූ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හැඳින්වෙන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදා, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිතව වසර 8 බැගින් සිරදඬුවම් නියම කළේය.

එම සිරදඬුවමට අමතරව විත්තිකරුවන්ට දඩ මුදල් නියම කර ඇති අතර, නීති විරෝධී ලෙස උපයාගත් දේපළ, මුදල්, හා රන් භාණ්ඩ රාජසන්තක කිරීමටත් නියෝග කළාය.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා විසින්, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ලබා දෙන ලදී.