28 C
Colombo
Monday, May 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබීමත්ව රිය පැදවූ අපේක්ෂකයකු අත්අඩංගුවට

බීමත්ව රිය පැදවූ අපේක්ෂකයකු අත්අඩංගුවට

බීමත්ව ත්‍රීරෝද රථය ධාවනය කල අඹගමුව ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන සැකකරුට එරෙහිව (23) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගිනිගත්හේන පොලිසිය විසින් නෛතික පියවර ගෙන ඇත.

සැකකරු අධික ලෙස බීමත්ව ඔහුට අයත් ත්‍රීරෝද රථය ධාවනය කරවන අවස්ථාවේ ගිනිගත්හේන පොලිසියේ රාත්‍රියේ මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිළධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු (23) දින මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් නොවී නීතීඥයෙකු මාර්ගයෙන් අධිකරණය වෙත කරුණු වාර්ථා කිරිමෙන් අනතුරුව යලිත් එම නඩුව ජූනි මස දෙවනි දිනට කැදවීමට හැටන් දිසාවිනිසුරු සහ මහේස්ත්‍රාත් එම්. ෆරුක්ඩීන් මහතා නියෝග කළේය.