24 C
Colombo
Monday, June 16, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසැඩ පහරට ගසාගෙන ගිය කාන්තාවක් බේරා ගනී

සැඩ පහරට ගසාගෙන ගිය කාන්තාවක් බේරා ගනී

ඊයේ (09) පස්වරුවේ මල්වතු ඔය පරණ පාලම අසල නාන තොටුපලේ දිය නාමින් සිටි කාන්තාවක් සැඩ පහරට ගසාගෙන යන අවස්ථාවේ පොලිස් නිලධාරින් විසින් බේරාගෙන තිබෙනවා.

මෙලෙස ඇයව බේරාගෙන ඇත්තේ, එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් සැරයන් 66640 රංජිත්, පොලිස් කොස්තාපල් 76785 නිෂාන්ත හා පොලිස් කොස්තාපල් 93809 ලියනගේ යන නිලධාරින් විසින්.

එම කාන්තාව බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් ඥාතින් වෙත භාරදි තිබෙනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ වයස අවුරුදු 54ක් වන හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.