28.4 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබංග්ලාදේශය ලකුණු 247කට දැවී යයි

බංග්ලාදේශය ලකුණු 247කට දැවී යයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (26) පැවැත්විණි. ඊයේ තරගය නතර වන විට බංග්ලාදේශ පිල පළමු ඉනිමේදී කඩුළු 8ක් දැවී ලකුණු 220ක් ලබා සිටියේය. අද උදෑසන තරගය ප්‍රතිචාරය කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉතිරි කඩුළු දෙක දවා ගනිමින් බංග්ලාදේශ පිලේ පළමු ඉනිම ලකුණු 247කට සීමා කළහ.

බංග්ලාදේශ පිලේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ සද්මන් ඉස්ලාම් ලකුණු 46ක් රැස් කරමිනි. ඔහුට අමතරව මුස්ෆිකර් රහීම් (35), ලිටන් දාස් (34), ටයිජුල් ඉස්ලාම් (33) සහ මෙහෙදි හසන් මිරාස් (31) යන ක්‍රීඩකයින්ද වැදගත් දායකත්වයක් ලබා දුන්නා.

ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු සහ නවක ක්‍රීඩක සොනාල් දිනූෂ යන තරුණ පන්දු යවන්නන් කඩුළු 3ක් බැගින් දවා ගත්තා. විශ්ව ප්‍රනාන්දු කඩුළු දෙකක් දවා ගත් අතර තරිඳු රත්නායක සහ ධනංජය ද සිල්වා එක් කඩුළුවක් බැගින් දවා ගත්තෝ වෙති.

මෙම තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පවත්වනු ලැබුවා.