28.4 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 12ක් ජීවිතක්ෂයට

මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 12ක් ජීවිතක්ෂයට

මෙක්සිකෝවේ ගුවන්ජුආටෝ (Guanajuato) පලාතේ ඉරාපුවාටෝ (Irapuato) නගරයේ පැවැත්වූ උත්සවයකදී වෙඩි තැබීමක් සිදු වූ අතර එහිදී පුද්ගලයන් 12 දෙනෙකු මිය ගොස් ඇත.

මෙම වෙඩි තැබීම සිදු වූයේ ශාන්ත ජෝන් ද බාප්තිස්තුතුමා වෙනුවෙන් පැවැත්වූ උත්සවයක් අතරතුරයි. ඉරාපුවාටෝ නගරයේ නිලධාරී රොඩෝල්ෆෝ ගෝමේස් සෙර්වාන්ටස් (Rodolfo Gómez Cervantes) මහතා සඳහන් කළේ, මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති බවත්, තවත් පුද්ගලයන් 20 කට වඩා තුවාල ලබා ඇති බවත්ය.

මෙක්සිකෝ ජනාධිපතිනී ක්ලොඩියා ශෙයින්බාම් (Claudia Sheinbaum) මහත්මිය මෙම ප්‍රහාරය ගැන කණගාටුව පළ කළ අතර, මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙයි.

මෙයට මාසයකට පෙරද, එම පලාතේ සන් බාර්තොලෝ ඩේ බෙරියෝස් (San Bartolo de Berrios) නගරයේ කතෝලික පල්ලියක් සංවිධානය කළ උත්සවයකට එල්ල වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් ඇත.

ගුවන්ජුආටෝ පලාත, මෙක්සිකෝ නුවරට උතුරු පළාතක පිහිටා ඇති අතර, විවිධ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතර බලය සඳහා පවතින සටන්වලින් මෙම ප්‍රචණ්ඩත්වය ඇතිවී ඇත. මේ වසරේ පළමු මාස 5 තුළදී පමණක් එම පලාත තුළ ඝාතන 1,435 ක් සිදු වී ඇති අතර, එය වෙනත් කිසිදු පලාතක වඩා දෙගුණයකට වැඩි සංඛ්‍යාවකි.