27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගම්පහ ප්‍රදේශ කිහිපයකට අද පැය 12ක ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද පැය 12ක ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද (07) පෙරවරු 8. 30 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මගින් බෙදාහරිනු ලබන මාර්ගයන්හි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් විදුලිය අත්හිටුවන බැවින් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවීම ඊට හේතුවයි.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක, සීදූව නගර සභා බල ප්‍රදේශ මෙන්ම කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන, මිනුවන්ගොඩ හා ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනවා.

ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභොගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුව පළකරනවා.

ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙනවා.