27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතිය තාවකාලිකව ක්‍රියා විරහිතව පවතින බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

මෙය පසුගිය ජූලි 3 වනදා සිට ඇතිවූ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇති බවද ඔවුන් පැවසීය.

අදාළ සේවාවන් ජූලි 9 වනදා දක්වා ක්‍රියා විරහිතව පවතින බවත්, මෙම ගැටලුව හඳුනාගෙන කඩිනමින් විසඳීමට කටයුතු කරමින් සිටින බවත් ICTA නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සේවාවන් යථා තත්ත්වයට පත් වන සැනින් නිලවශයෙන් දැනුම්දීමක් නිකුත් කරන බවද එම ආයතනය වෙන් කර දැක්වීය.