27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිසු සැරිය බස් රථවලට ගෙවන මුදල වැඩි කිරීමට සැලසුමක්

සිසු සැරිය බස් රථවලට ගෙවන මුදල වැඩි කිරීමට සැලසුමක්

ගැමි සැරිය, සිසු සැරිය හා නිසි සැරියට යොදවා ඇති ලංගම හා පෞද්ගලික බස් රථ සඳහා කිලෝ මීටරයකට ගෙවන මුදල් වැඩිකිරීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

ඒ අනුව බස් රථයකට සිසු සැරිය යටතේ දැනට කිලෝ මීටරයකට ගෙවන රුපියල් 105 ක මුදල රුපියල් 118 ක් දක්වාත් ගැමි සැරිය යටතේ දැනට ගෙවන රුපියල් 35 ක මුදල රුපියල් 79 ක් දක්වාත් නිසි සැරිය යටතේ දැනට ගෙවන රුපියල් 70 ක මුදල 79 දක්වාත් වැඩි කිරීමටත් බලාපොරොත්තු වන්නේ යැයි ඔහු කීය.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයට අදාළව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති විශේෂ සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මෙසේද පැවැසුවේය.

“සිසු සැරිය යටතේ පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ දී බස් හිමියාට ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන්නේ නම් ඒ මුදල ගණනය කර ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව මගින් ගෙවිය හැකියි. බස් රථයක අවශ්‍යතාව සම්බන්ධව පාසලක හෝ කිහිපයක සිසු සිසුවියන් හා දෙමව්පියන් ලිපියක් අත්සන් කර විදුහල්පති අනුමැතිය යටතේ ලංගම හෝ ප්‍රවාහන අධිකාරිය මගින් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට යොමු කරනු ලැබුවහොත් බස් රථයක් ලබාදීම සම්බන්ධයෙන් අපට සලකා බැලිය හැකියි. ළමුන් 20 දෙනකුට වඩා සිටින්නේ නම් කිලෝ මීටරයක් සඳහා බස් රථයට රුපියල් 118 ක් ගෙවීමේ හැකියාව තිබෙනවා. බස් රථයේ රියැදුරු හා කොන්දොස්තර තිස්විය ඉක්මවා සිටීම ද අනිවාර්යයයි. මෙම වැඩපිළිවෙළ යටතේ ගමන් වාර 600 කට ආසන්න ප්‍රමාණයක් ලබාදීමේ හැකියාව තිබුණත් තවමත් ලංකාවෙන්ම ඉල්ලුම් පත්‍ර ලැබී තිබෙන්නේ 200 අඩු සංඛ්යාවක් ගැමි සැරිය කියන්නේ උප නගරයක සිට ගමේ කෙළවරකට බස් රථයක් ධාවනය කරන ව්‍යාපෘතියටයි.”