28.4 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලක්ෂ 13කට වැඩි දුම්වැටි නීති විරෝධීව ගෙනා පුද්ගලයෙකු අත්අඩංගුවට

ලක්ෂ 13කට වැඩි දුම්වැටි නීති විරෝධීව ගෙනා පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් දහතුන් ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (06) දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු අද (06) දින අලුයම 05.20 ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී. – 822 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ රෙදි සේදුම් කුඩු , චොකලට් සහ සුවඳ විළවුන් අඩංගු පෙට්ටි තුළ , මෙම විදේශීය නිෂ්පාදිත ” දුම්වැටි 9,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 45 ක් සිය භාරයට ගත් බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සඳහන් කළේ.

මෙම ගුවන් මගියා සහ ඔහු විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගය එළඹෙන (08) දින වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.