31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආණ්ඩුව ජනතාවට එරෙහි ගමනක් යනවා

ආණ්ඩුව ජනතාවට එරෙහි ගමනක් යනවා

නීති විරෝධි නොවන උද්ඝෝෂණවලට සහභාගි වූ අයව මඟ රැක සිට අත්අඩංගුවට ගැනීම නීති විරෝධි බවත් තමන් සිංහාසනයේ තැබූ ජනතාවට එරෙහි ගමනක් ආණ්ඩුව යමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (6) පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්ය.

ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන මර්දනකාරී ක්‍රියාවලිය ගැන අපගේ විරෝධය පළ කරනවා. සාධාරණ හේතු මත පසුගිය දවස්වල උද්ඝෝෂණ ගණනාවක් පැන නැඟුණා. කොතලාවල පනත මඟින් අධ්‍යාපනය පෞද්ගලීකරණය හා මිලිටරිකරණය කිරීමට එරෙහිව, ඒ වගේම මේ දක්වා නොවිසඳී තිබෙන විදුහල්පතිවරු සහ ගුරුවර ගුරුවරියන්ගේ වැටුප් විෂමතාව ඉවත් කර ගන්න වගේම පොහොර ප්‍රශ්නය මුල් කර ගෙන ඉතා සාධාරණ උද්ඝෝෂණ පැන නැඟුණා. ඒ උද්ඝෝෂණවලට ඇහුම්කන් දී සාධාරණ උත්තර දෙනවා වෙනුවට එක පැත්තකින් උද්ඝෝෂණවලට එරෙහිව ජනතා මතයක් හදන්නත් අනෙක් පැත්තෙන් උද්ඝෝෂණවලට සහභාගි වන ක්‍රියාකාරීන් හුදෙකලා කර දඩයම් කරන්නත් ආණ්ඩුව පෙළඹී සිටිනවා.

මේක ඉතා බරපතළ කාරණයක්. මේ සාමකාමි උද්ඝෝෂණ පවත්වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට දී තිබෙන අයිතිය පාවිච්චි කරමිනුයි. ව්‍යවස්ථාවෙන් දී තිබෙන ඒ අයිතිය ගුරුවරුන්, ආචාර්යවරුන්, ශිෂ්‍යයන් පාවිච්චි කරමින් ආණ්ඩුව ඒවා මර්දනය කරමින් යනවා යැයිද හෙතෙම කීවේය.

අනුර ප්‍රේමලාල්