31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාකිස්තානයේ කොවිඩ් නීති දැඩි කරයි

පාකිස්තානයේ කොවිඩ් නීති දැඩි කරයි

කොවිඩ් වයිරසයේ නව ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමෙන් පසු සිය ජනතාව සැක සහිත රෝගී තත්ත්වයෙන් ආරක්ෂා කිරීමට පාකිස්තානය කඩිනම් පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි කොවිඩ් සෞඛ්‍ය නීති දැඩි කිරීමට එරට රජය පියවර ගෙන ඇති අතර, අවන්හල්වලට, පාසල්වලට සහ විශ්වවිද්‍යාලවලට ප්‍රවේශවීමේදී කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක්වීමේ සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත. මීට අමතරව රජයේ නිලධාරින්ට ගුවන් ගමන්වල නිරතවීමේදි සහ රෝහල් කරා යෑමේදි එම සහතිකය අනිවාර්ය කර තිබේ. කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක්වූ ඕනෑම පුද්ගලයකුට ඕනෑම ස්ථානයට යෑමට අවසර දී ඇත. එවැනි පියවර ගැනීමෙන් සියලු පුද්ගලයන් කොවිඩ් මර්දන එන්නත්කරණයට යොමු කිරීම පාකිස්තාන රජයේ බලාපොරොත්තුව වී තිබේ.

එසේ වුවත් එන්නත්කරණය සඳහා එරට දැඩි ඉල්ලුමක් පවතින බවත්, පසුගියදා කරාච්චි නුවර එන්නත්කරණ මධ්‍යස්ථානයකට විශාල පිරිසක් එක්රොක් වීමෙන් පසු ඇතිවූ ගැටුමක් නිමාවට පත්වී ඇත්තේ එම මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීමෙනි.