27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමීටර් 1500 කාන්තා රන් පදක්කම කෙන්යාවට

මීටර් 1500 කාන්තා රන් පදක්කම කෙන්යාවට

ටෝකියෝ ඔලිම්පික් උලෙළේ මීටර් 1500 කාන්තා රන් පදක්කම කෙන්යාව සතු කර ගත් අතර, පිරිමි 1500 රන් පදක්කම නෝර්වේ සතු කර ගනියි. කෙන්යාවේ ෆේයිත් කිප්යගොන් මිනිත්තු 3:53.11කින් මේ ඉසව්වේ පිට පිට දෙවැනි රන් පදක්කම දිනා ගැනීම විශේෂත්වයකි. ඇය 2016 රියෝ ඔලිම්පික් උලෙළේදී තබා තිබූ මිනිත්තු 4:08.92ක් වූ ඇගේම වාර්තාව මකා දමා නව ඔලිම්පික් වාර්තාවක් බිහි කිරීමට සමත් වූවාය. මෙහි රිදී පදක්කම බ්‍රිතාන්‍යයේ ලවුරා මුයිර් මිනිත්තු 3:54.50කින් හා ලෝකඩ පදක්කම නෙදර්ලන්තයේ සිනේ හසන් මිනිත්තු 3:55.86කින් දිනා ගත්හ. හසන් රියෝ ඔලිම්පික් උලෙළේ 5 වැනි තැනට පත් වූ ක්‍රීඩිකාව වේ.

පිරිමි 1500 රන් පදක්කම දිනාගත් නෝර්වේහී ජාකොබ් ඉන්ගර්බ්‍රිග්ස්ටන් මිනිත්තු 3:28.32කින් ඔලිම්පික් වාර්තාවක් ද සමඟ පෙරමුණ ගත්තේය. කෙන්යාවේ තිමෝතී චෙරියොට් මිනිත්තු 3:29.01කින් රිදී පදක්කම හා බ්‍රිතාන්‍යයේ ජොස් කීර් මිනිත්තු 3:29.05කින් ලෝකඩ පදක්කම දිනා ගත්හ.

මේ අතර, පිරිමි මීටර් 5000 රන් පදක්කම උගන්ඩාවේ ජෝසුවා චෙප්ටිගේයි මිනිත්තු 12:58.15කින් දිනා ගැනීමට සමත් විය. ඔහු පසුගිය රියෝ ඔලිම්පික් උලෙළේදී මේ ඉසව්වේ 8 වැනි තැනට පත් වූ අතර, මෙවර මුල සිටම ඉදිරියෙන් සිට තරගය නිම කළේය. රිදී පදක්කම කැනඩාවේ මොහොමඩ් අහමඩ් මිනිත්තු 12:58.61කින් දිනාගත් අතර, ලෝකඩ පදක්කම අමෙරිකාවේ පාවුල් චෙලිමෝ මිනිත්තු 12:59.05කින් දිනා ගත්ත්ය. චෙලිමෝ රියෝ ඔලිම්පික් උලෙළේ රිදී පදක්කම දිනා ගත්තද මෙවර පියවරක් පසුපසට ගියේය.

ප්‍රින්ස් ගුණසේකර

ජපානයේ ටෝකියෝ නුවර සිට..