25 C
Colombo
Wednesday, April 2, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඑන්නත්කරණයෙන් ඩෙල්ටා ව්‍යාප්තිය පාලනය කරන්න බෑ

එන්නත්කරණයෙන් ඩෙල්ටා ව්‍යාප්තිය පාලනය කරන්න බෑ

කොවිඩ් මර්දන එන්නත්කරණයෙන් ඩෙල්ටා වයිරසය ව්‍යාප්ත විම පාලනය කළ නොහැකි බව එංගලන්තයේ මහජන සෞඛ්‍ය විශේෂඥවරුන්ගේ සංගමය විසින් සිදුකරනු ලැබූ මූලික පරීක්ෂණයකදී අනාවරණය වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

කොවිඩ් වයිරසයේ සෙසු ප්‍රභේදවලට වඩා ඩෙල්ටා ප්‍රභේදය එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන්ට වැලඳීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව පසුගිය සතියේ අමෙරිකාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ද ප්‍රකාශ කර තිබිණි.

ගෝලීය වශයෙන් ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේද අතුරින් ඩෙල්ඩා ප්‍රභේදය ආසාදනය වීමේ ඉහළ ප්‍රතිශතයක් පෙන්නුම් කරන බව විශේෂඥවරුන්ගේ අදහස වී ඇත.

පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන්ට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වීමෙන් බරපතළ තත්ත්වයක් හෝ මරණයට පත් වීම වැළැක්වීමට හැකියාව තිබුණද, එම පුද්ගලයන්ගෙන් වයිරසය ව්‍යාප්ත විමේ අඩුවක් නැති බව මූලික පරීක්ෂණවලින් පෙන්නුම් කරන බව කියැවේ.