― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකොවිඩ් මර්දනයට වහා කමිටුවක් පත් කළ යුතුයි

කොවිඩ් මර්දනයට වහා කමිටුවක් පත් කළ යුතුයි

කොවිඩ් මර්දනය සඳහා වහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් රජය විසින් ස්ථාපිත කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වත්මන් කොවිඩ් තත්ත්වය පිළිබඳව වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පවසා ඇත්තේ වර්තමානයේ සිදු වන මරණවලට කොරෝනා මර්දන බළකාය වගකිව යුතු බවයි. කොවිඩ් වසංගත තත්ත්වය ශීඝ්‍රයෙන් රට තුළ ව්‍යාප්ත වී ඇති බවත් බොහෝ පිරිසක් දෛනිකව මියයන බවත් පැවසු රනිල් වික්‍රමසිංහ මහතා එම සංඛ්‍යා ලේඛනවල ද ගැටලු ඇති බව කියා සිටියි.

කොරෝනා මර්දන බළකාය වහාම විසිරුවා හැර නීතියෙන් පිහිටුවා ඇති මණ්ඩල මාර්ගයෙන් කොරෝනා මර්දනය කරන්නට ක්‍රියා කළ යුතු යැයි ද එසේ නැතිනම් ලංකාව 21වන ශත වර්ෂයේ විසාලා මහනුවරක් බවට පත් වීමේ අවදානමක් ඇතැයි ද කියයි. එන්නත ලබාදීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සිදුනොකර යුද හමුදාව යටතේ සිදුකිරීම පිළිගත නොහැකි බව ද පැවසු ඒ මහතා, වයස අවුරුදු 12ට වැඩි සියලු දෙනාට එන්නත ලබාදිය යුතු ද කීවේය.

වෛද්‍ය හා සෞඛ්‍ය කේෂ්ත්‍රය නිසා ජීවිත බේරී තිබුණ ද අද වන විට ඔවුන්ට ද රජය ඇහුම්කන් නොදෙන බව පැවසු රනිල් වික්‍රමසිංහ මහතා, වෛද්‍යවරු ලොක් ඩවුන් කරන්න යැයි ඉල්ලා තිබියදී එය ආණ්ඩුව ප්‍රතික්ෂේප කිරීමට හේතු පැහැදිලි කළ යුතුව ඇතැයි ද කියා සිටියේය.

ශිරෝමි අබේසිංහ