රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
කොවිඩ් 19 වයිරසය ආසාදිත මෘත දේහ හැකි ඉක්මනින් ආදාහනය කිරීමට පියවර ගන්නා බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ‘දිනමිණ’ට ඊයේ (08) ප්‍රකාශ කළාය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිනිය මෙසේ ද කීවාය.
“සාමාන්‍ය මරණ ගණනට වඩා වැඩි ගණනක් එක්වරම වාර්තා වූ විට ආදාහනය සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටලු මතුව තිබෙනවා. රාගම බටුවත්ත ආදාහනාගාරය ප්‍රතිසංස්කරණයට ලක් කිරීම නිසා එම ප්‍රදේශයේ සිදු වන මරණ කඩිනමින් ආදාහනය කිරීමේ හැකියාව ගිලිහී ගොස් තිබෙනවා.
කොවිඩ් ආසාදිතයන් දැනට වාර්තා වන සංඛ්‍යාවට වඩා පස් ගුණයක පිරිසක් සමාජයේ සිටින බවට අනුමාන කරනවා. පවුල් පිටින් පුද්ගලයන් ආසාදිතයන් බවට පත් වීම වර්තමානයේ දී සිදු වෙනවා.
කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් ජනතාව තවදුරටත් කටයුතු කළොත් ආසාදිතයන්ගේ සහ මරණවල වාර්තා වීම වැඩි විය හැකියි. ජනතාවගේ සැලකිලිමත් වීම මත ආසාදිතයන්ගේ සහ මරණ වාර්තා වීම අවම කර ගත හැකියි. වයිරසය හැදෙනවාට වඩා වළක්වා ගැනීම කෙරෙහි ජනතාව අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන් වැඩිහිටියන් වයිරසයෙන් ආරක්ෂා වීමට තරයේ සිතට ගත යුතුයි.
කොවිඩ් මර්දන එන්නත ගත්තත් නොගත්තත් වයිරස් ප්‍රමාණයේ අඩුවක් හෝ වැඩියක් නොමැතිව සියලු දෙනාට ආසාදනය වීමේ අවදානමක් පවතිනවා. එයින් ආරක්ෂා වීමට කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් අනිවාර්යයෙන් පිළිපැදීම සිදු කළ යුතුයි. මේ වයිරසය සැහැල්ලුවට ගෙන ජනතාව කටයුතු නොකළ යුතුයි. ආසාදිතයන් අවම කර ගැනීමට ජනතාවගේ සහාය අත්‍යවශ්‍යයි.
දැනට රටේ ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යෑමක් සිදු වෙනවා. වයිරසයෙන් ආරක්ෂා වීමට මුව ආවරණයක් සහ මුහුණු ආවරණයක් පැලඳීමට ජනතාව කටයුතු කරන්නේ නම් සුදුසුයි.”
සන්ධ්‍යා කරුණාරත්න