30.6 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතලෙයිබාන් නියෝජිතයෝ චීනයේ සංචාරයක

තලෙයිබාන් නියෝජිතයෝ චීනයේ සංචාරයක

චීනයේ උයිගර් පළාතේ සිදු කෙරෙමින් පවතින බව කියන මුස්ලිම් ත්‍රස්තවාදී ක්‍රියා මැඬ පැවැත්වීම සඳහා චීන විදේශ ඇමැති වැං යි සමඟ සාකච්ඡා කිරීමට ඇෆ්ගනිස්තාන තලෙයිබාන් නායකයකු වන මුල්ලා බරදාර් පසුගියදා බීජිං නුවර සංචාරයක නිරතවූ බව ‘ඒෂියාටයිම්ස්‘ පුවත්සේවය වාර්තා කළේය.

උයිගර් පළාතේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නැවැත්වීමට සහාය දෙන ලෙස මෙහිදී චීන විදේශ ඇමැති වැං ඔහුගෙන් ඉල්ලා සිටි බවත්, උයිගර් පළාතේ මුස්ලිම් කණ්ඩායමක් වන නැගෙනහිර ටර්කිස්තාන් ඉස්ලාම් ව්‍යාපාරයේ ප්‍රධානියා ද මේ සාකච්ඡාවට එක් වූ බවත් වාර්තා වේ.

උයිගර් පළාතේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා සහාය දීම නතර කරන ලෙසත් මෙහිදී චීන විදේශ ඇමැතිවරයා මුල්ලා බරදාර්ගෙන් ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.

ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කර ඇති නැගෙනහිර ටර්කිස්තාන් ඉස්ලාම් ව්‍යාපාරය උයිගර් වැසියන් ජීවත් වන පළාතේ ස්වාධීන රාජ්‍යක් ස්ථාපිත කරමින් එය නැගෙනහිර ටර්කිස්තානය ලෙස නම් කිරීම සඳහා අරගලයක නිරතව සිටී.