23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදානිගල පර්වතය තරණය කෙරුවෙමු. Kandegama Dhanigala the Alien Mountain

දානිගල පර්වතය තරණය කෙරුවෙමු. Kandegama Dhanigala the Alien Mountain

Author(s): 
නලින් දිල්රුක්ෂ
මාදුරු ඔය මිටියාවතේ හිටිවනම අහස උසට නැගෙන දානිගල කන්ද නොහොත් දන වානා ගල පර්වතය තරණය කරන්නට පසුගිය දා අපට හැකිවිය. ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවස දක්වා දිවෙන අතීතයක් සහිත මේ පර්වතය අදත් හදුන්වන්නෙ පිටසක්වල ජීවින් පැමිණෙන ඉසව්වක් ලෙසිනි. එනිසාම මේ පර්වතයට Alien Mountain ලෙසින්ද හදුන්වයි.
එහෙත් මේ පිළිබඳව විදිමත් හැදෑරීමක් කිසිවකු විසින් හෝ තාමත් කර නොමැත.
කොළඹින් පාන්දර 12ට පිටත් වූ අප නුවර මහියංගනය දෙහිඅත්තකණ්ඩිය අරලගංවිල හරහා පසුදා උදේ 6 වන විට කන්දේගම නම් ගම්මානයට පිවිසුණෙමු. මේ දානිගල පර්වතය පිහිටා ඇත්තේ කන්දේගම ගම්මානයේ යි. 
ඒ ගම්මානයෙන් අපට මග පෙන්වන්නට සුනිල් ශාන්ත මහතා එක් වීය. ඉතාමත් අසීරු කඳු නැගීමේ අද්දැකීමක් අපි සියල්ලෝම ලබා ගතිමු. අතිශය සුන්දර වන පෙත මැදින් වැටී ඇති ගිරි දුර්ගය ඔස්සේ අපි කෙමෙන් කෙමෙන් පර්වත මුදුනතට ළගා වන විට දහවල් 11 පමණ විය.
මාදුරුඔය මිටියාවතේ ඇත කෙළවර දක්වා දිස්වන දසුන දෙනෙතට රසඳුනක්ම විය. කඳුනැගීමේ අද්දැකීම් ලබන්නට කැමති කා හටත් කදිම තැනකි දානිගල කන්ද තරණය.
වීඩියෝව පහතින්