32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපැහැර ගත් එමිරේට්ස් තෙල් නැව දමා ගිහින්

පැහැර ගත් එමිරේට්ස් තෙල් නැව දමා ගිහින්

ඕමාන් මුහුද සීමාවේදී පසුගියදා පැහැර ගැනීමට ලක් වූ එක්සත් අරාබී එමීර් රාජ්‍යයට අයත් තෙල් නැව ඉරාන මුහුදේදී අතහැර දමා තිබියදී බ්‍රිතාන්‍ය නාවික හමුදාව විසින් සොයා ගනු ලැබීය. ඉරාන හිතවාදී ත්‍රස්ත කල්ලියක් මේ පැහැර ගැනීම සිදු කර ඇතැයි වාර්තා වූවද එහි වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් භාරගෙන නැත.

‘ඇස්පෝල් ප්‍රින්සස්‘ නැමැති මේ තෙල් නැව ගමන් කරමින් තිබූ අවස්ථාවේදී බලහත්කාරයෙන් ඊට ගොඩ වී ඇති ආයුධ සන්නද්ධ පුද්ගලයන් පිරිසක් එහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට තර්ජනය කරමින් මෙ පැහැර ගැනීම සිදු කොට ඇත. ඕමාන මුහුදු තීරයේදී මීට දින කිහිපයකට පෙර ද ඊශ්‍රායලයට අයත් තෙල් නැවකට ප්‍රහාරයක් එල්ල විය.