― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබුරුතු පිටින් ටෝකියෝ ඇවිත් නෑ ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් ආවේ 26යි

බුරුතු පිටින් ටෝකියෝ ඇවිත් නෑ ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් ආවේ 26යි

ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම්

ශ්‍රී ලංකාවෙන් ටෝකියෝ ඔලිම්පික් උලෙළට පැමිණ ඇති පිරිස පිළිබඳ සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු පැතිර යමින් තිබෙන බවත් ටෝකියෝ වෙත පැමිණ ඇති නිවැරදි ගණන 26ක් බවත් ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පවසයි. සුබ්‍රමනියම් මහතා තම පෞද්ගලික වියදමින් ටෝකියෝ වෙත පැමිණ සිටින අතර, ජාතික ඔලිම්පික් කමිටු මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ වියදමින් පැමිණි බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම් 26ක පිරිසට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9ක්, ඔවුන්ගේ පුහුණුකරුවන්, කළමනාකරුවන්, කණ්ඩායම් ප්‍රධානියා, මාධ්‍ය සම්බන්ධීකාරක, පරිපාලන නිලධාරිනිය හා කොරෝනා කටයුතු වෙනුවෙන් පැමිණි වෛද්‍යවරයා ඇතුළත්ව සිටිති. ක්‍රීඩා උලෙළට අශ්වාරෝහක පැනීමේ ඉසව්ව නියෝජනය කරමින් ජර්මනියේ සිට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩිකා මැටිල්ඩා කාල්සන්ගේ ‘චොපින් වා’ අසු බලා ගැනීමට පශු වෛද්‍යවරයකු හා පුහුණු කාර්ය මණ්ඩලයේ 4කගෙන් සමන්විත පිරිසද 26ක කණ්ඩායමට ඇතුළත්ව ඇතැයි සුබ්‍රමනියම් මහතා අවධාරණය කළේය. එබැවින් රටේ ප්‍රතිරූපයට හානි කර බොරු ප්‍රචාර සිදු කිරීමෙන් වළකින ලෙසත්, මෙතෙක් සිදු කළ අසත්‍ය ප්‍රකාශ පිළිකුලින් යුතුව හෙලා දකින බවත් ඔලිම්පික් කමිටු සභාපතිවරයා පැවසීය.

ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පවසන්නේ ටෝකියෝ ඔලිමපික් උලෙළට ශ්‍රී ලංකාවෙන් සහභාගි කළ හැක්කේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නිර්දේශිත කණ්ඩායමට පමණක් බවය. ජාතික ඔලිම්පික් කමිටුවට අවශ්‍ය පරිදි පුද්ගලයන් ඔලිම්පික් උලෙළට යැවීමේ කිසිදු හැකියාවක් නැති බවත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව එවැනි අවසරයක් නොදෙන බවත් ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයා පැහැදිලි කළේය.

“ටෝකියෝ ඔලිම්පික් උලෙළට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9ක් සමඟ නිලධාරීන් 60ක් ජපානයට ඇවිත් සිටින බවට බොරු කියන්නේ මොන අදහසකින්ද කියා හිතා ගන්න බෑ. ඔලිම්පික් කමිටු සභාපති හැටියට මා හා ලේකම් පැමිණ සිටින්නේ ලංකාවේ අපට වැඩ නැතිව නොවෙයි. ටෝකියෝ සිට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සමඟ විශාල වැඩ කොටසක් කරන්න අපට සිදු වෙලා තියෙනවා. ඒ වගේම ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සාකච්ඡා පවත්වා අපේ ක්‍රීඩකයන්ට දැනටමත් ශිෂ්‍යත්ව කිහිපයක් ලබාගෙන තිබෙනවා. ක්‍රීඩා උලෙළට පැමිණි සියලු දෙනා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් සකස් කරන ලද මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්නේ. අපට ඕනෑ දේවල් කරන්න බෑ” ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයා පැවසීය.

අනවශ්‍ය බොරු ප්‍රකාශ කරමින් ජාතික ඔලිම්පික් කමිටුවට හා රටේ ප්‍රතිරූපයට හානි කරන අය සම්බන්ධ කනගාටුව පළ කරන බවද එම අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය. කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකොන් හා ඔහුගේ පුහුණුකරු හැර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ඔවුන්ගේ පුහුණුකරුවන්, කළමනාකරුවන් ඇතුළු නිලධාරීන් මේ වන විටත් ශ්‍රී ලංකාව වෙත හා තමන් පුහුණු වන රටවල් බලා පිටත්ව ගොස් ඇති අතර, අනෙක් සීමිත පිරිස මේ 10 වැනිදා ටෝකියෝ නුවරින් පිටත් වෙති.

ප්‍රින්ස් ගුණසේකර

ජපානයේ ටෝකියෝ නුවර සිට..