― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමෙරට ආර්ථිකය පිළිබඳ විශ්වාසය ජාතික-අන්තර්ජාතික වශයෙන් බිඳ වැටිලා

මෙරට ආර්ථිකය පිළිබඳ විශ්වාසය ජාතික-අන්තර්ජාතික වශයෙන් බිඳ වැටිලා

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

නොයෙක් සීතාම්බර සළු පලඳවමින් වහන්න උත්සාහ කළත් ජාතික සහ අන්තර්ජාතික වශයෙන් මෙරට ආර්ථිකය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙමින් පවතින බව සමඟි ජල බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ රටේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව පෙරේදා (07) පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“අද අපි මේ විශේෂ මාධ්‍ය හමුව තියන්නේ විශේෂ කරුණු තුනක් මුල්කරගෙන. එකක් තමයි, මේ කොවිඩ් වසංගතයේ හතර වෙනි රැල්ල පාලනය කරන්න බැරි තත්ත්වයකට පරිවර්තනය වෙලා විශාල පිරිසක් මිය යමින් තවත් විශාල පිරිසක් ආසාදිත වෙමින් මුළු රටම ඉතාමත්ම භයංකර තත්ත්වයකට ඇද වැටී තිබෙනවා. දෙවැනි කාරණය ආර්ථික අර්බුදය දිනෙන් දින වර්ධනය වෙමින් ඉතාමත්ම භයංකර ආර්ථික අගාධයකට රට ඇද වැටෙමින් තිබෙනවා. නොයෙක් සීතාම්බර පට පළඳවමින් ඒ අර්බුදය වහන්න උත්සාහ කළාට ජාතික සහ අන්තර්ජාතික වශයෙන් සියලු දෙනාටම ලංකාවේ ආර්ථිකය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙමින් තිබෙනවා. සම්පූර්ණයෙන්ම රට කඩා වැටීමේ අනතුරක් අප ඉදිරියේ තිබෙනවා.

තුන් වැනි කාරණය තමයි, සමාජ පිපිරීම් ඇති වෙමින් රටේ විශාල සමාජ අර්බුදයක් මේ සමඟම ජනනය වෙමින් තිබීම. මේ රටේ විතරක් නෙමෙයි උද්ඝෝෂණ තිබෙන්නේ. ඒ වගේම එළිමහනේ කරන උද්ඝෝෂණවලින් රෝගය බෝ වෙන්න තිබෙන ඉඩකඩ ඉතා අඩුයි. රුසියාවෙන්, යුක්රේනයෙන්, ඉන්දියාවේ ඩෙල්ටා ප්‍රභේදය, ඇල්ෆා ප්‍රභේදය ආනයනය කළ ආණ්ඩුවකට කිසිසේත්ම මේ ගුරුවරුන්ට මේ චෝදනාව කරන්න බෑ.”

ක්‍රිසන්ති විතාරණ