27.8 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමොරටුව දුම්රියපළේ ටිකට් දෙන්නේ සුළු සේවකයෝ

මොරටුව දුම්රියපළේ ටිකට් දෙන්නේ සුළු සේවකයෝ

Author(s): 
නලින් දිල්රුක්ෂ
මොරටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිවරුන් හිගයක් නිසා මගි ජනතාව මහත් ගැටලු රැසකට මුහුණ දී ඇතැයි පැවසේ. සතියේ දිනවල උදේ පහ මාරේ සිට නමය දක්වා  තදබදය ඇති කාලය තුළ මරදාන හා කොටුව දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කරන්නට විශේෂ කවුළුවක් විවෘත කරන මුත් මේ දිනවල එහි දුම්රිය ස්ථානාධිපතිවරුන් හිග කමින් ඒ කටයුතු කරන්නෙ දුම්රිය ස්ථානයේ සුළු සේවකයන් බව මගි ජනතාව පැවසූහ.
මේ සම්බන්ධයෙන් අප කර සොයා බැලීමකදී හෙළි වුයේ මොරටුව දුම්රිය ස්ථානයේ සේවය කළ තුන්වැනි ශ්‍රේණියේ ස්ථානාධිපතිවරුන් දෙදෙනකුගේ සේවය මෑතක සිට අත් හිටුවා ඇතත් ඒ වෙනුවට කිසිම අයෙකු අනුයුක්ත කර නොමැති බවත් ය.
මේ හේතුවෙන් දැනට එහි සේවය කරන පළමු ශ්‍රේණියේ හා දෙවන ශ්‍රේණියේ ස්ථානාධිපති වරුන් ද ගැටලු රැසකට මුහුණ පා ඇතැයි හෙළි විය.
මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්නට බලධාරීන් ගේ දෙනෙත් යොමු කරවන මෙන් ඔවුහු අපෙන් ඉල්ලා සිටියහ.