26.7 C
Colombo
Monday, July 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉන්දියාවෙන් නව ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක්

ඉන්දියාවෙන් නව ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක්

රජයේ ප්‍රතිලාභ කාර්යක්ෂමව ලබා දීම සහ රටේ සමාජ සුභසාධන ක්‍රමය තුළින් බෙදා හරින අරමුදල් අවභාවිතය සීමා කිරීම සඳහා ඉන්දියාව ජංගම ගෙවීම් ක්‍රමවේදයක් ආරම්භ කර තිබේ.

ජංගම ගිණුමක් ඇති ඕනෑම අයකුට බැංකු ගිණුමක් නොමැතිව වුවද ඊ-රූපි (e-RUPI) ඩිජිටල් ගෙවීමේ ක්‍රමය ලබා ගත හැකිය. ඊ-වවුචර් ලෙස නම් කරන ලද ලබන්නන්ගේ දුරකථනවලට යවන කියුආර් කේත හෝ කෙටි පණිවුඩ ආකාරයෙන් මේ විද්‍යුත් මුදල් යැවිය හැකිය.

මේ වන විටත් ලැබෙන මහජන සුබසාධන සේවා මෙන්ම ලබන්නකුට සුවිශේෂී වන එක් වරක් වවුචර ද ඊ-ගෙවීමේ ක්‍රමය මඟින් ආවරණය කෙරේ. රෝහලකට යන පුද්ගලයකුට පවා මේ ඩිජිටල් වවුචරය ඉදිරිපත් කිරීමෙන් පසු සේවා ලබා ගත හැකිය.

21 වැනි සියවසේ ඉන්දියාව නවීන තාක්‍ෂණයෙන් සහ මිනිසුන්ගේ ජීවිත සමඟ තාක්‍ෂණය සම්බන්ධ කරමින් ඉදිරියට යන අයුරු නව ක්‍රමවේදය මඟින් සංකේතවත් වන බව මේ ගෙවීම් ක්‍රමය ආරම්භ කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැවසීය.

රාජ්‍ය සේවාවන් ලබා ගන්නා දිලිඳු පුද්ගලයන් පිළිබඳ පූර්ණ දත්ත ලබා ගැනීම කාලයක් පුරා ඉන්දියාවට තිබූ විශාල ගැටලුවක් වී තිබිණි. නව ක්‍රමවේදය මගින් එම ගැටලුව ද විසඳෙන බවට විශ්වාස කෙරේ.

2014 වසරේදී ඉන්දීය රජය සාමාන්‍ය ක්‍රමවේදයට සිදු කරනු ලබන වැඩ කටයුතු ඩිජිටල්කරණය කරමින් “ඩිජිටල් ඉන්දියාව” වැඩසටහන ආරම්භ කළ අතර, එමගින් බැංකු ගිණුම්, ජංගම දුරකථන අංක සහ ජාතික හැඳුනුම්පත් සමඟ ජෛවමිතික තොරතුරු සමඟ සම්බන්ධ කර ඇති අතර,සහන මුදල් සෘජුවම ගෙවීම විධිමත් කර තිබිණි.