25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුද ගැටුමේදී සිවිල් පුද්ගලයන් 900ක් අතුරුදන්

යුද ගැටුමේදී සිවිල් පුද්ගලයන් 900ක් අතුරුදන්

තලෙයිබාන් ත්‍රස්තවාදීන් පසුගිය මාස එකහමාරක පමණ කාලය ඇතුළත ඇෆ්ගනිස්තානයේ කන්දහාර් පළාතේ පුද්ගලයන් 900කට අධික සංඛ්‍යාවක් ඝාතනය කිරීමට හෝ පැහැර ගැනීමට ලක් කර ඇතැයි කන්දහාර් පළාතේ හිටපු පොලිස් ප්‍රධානී ටඩින් ඛාන් විදෙස් මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.

තලෙයිබාන් ත්‍රස්තවාදීන් මානව හිමිකම් විශ්වාස නොකරන බවත්, ඉතා කෘෘර අන්දමින් සිවිල් පුද්ගලයන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බවත් ඔහු සඳහන් කර තිබේ.

අමෙරිකාව ඇතුළු රටවල් ඇෆ්ගනිස්තානයෙන් සිය හමුදා ඉවත් කරගැනීමෙන් පසු ත්‍රස්ත ක්‍රියාකාරකම් එරට සැලකිය යුතු අන්දමින් වර්ධනය වී ඇති අතර, තලෙයිබාන් ත්‍රස්තවාදීන් පළාත් ගණනාවකදී රජයට සහාය පළ කිරීම නිසා ඔවුන් අත්අඩංගුවට ගත් රජයේ හමුදා සෙබළුන්, පොලිස් නිලධාරින් හා සිවිල් වැසියන් මෙසේ ඝාතනයට ලක් කර ඇත.

පසුගිය ජූලි මස 16 වැනිදා සිට තලෙයිබාන් ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන යනු ලැබූ සිවිල් පුද්ගලයන් රැසකගේ නම් මානව හිමිකම් සංවිධාන ලැයිස්තුගත කර තිබුණද, එම ලැයිස්තුවට ඇතුළත් නොවූ තවත් පුද්ගලයන් සිය ගණනක් සිටි බව හිටපු පොලිස් ප්‍රධානි වැඩි දුරටත් පවසා තිබේ.