― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඇෆ්ගනිස්තානයේ යුද ගැටුම් උත්සන්න වෙයි

ඇෆ්ගනිස්තානයේ යුද ගැටුම් උත්සන්න වෙයි

ගුවන් ප්‍රහාරයෙන් තලෙයිබාන් ත්‍රස්තවාදීන් 54ක් මරුට

ඇෆ්ගනිස්තාන ගුවන් හමුදාව විසින් එල්ල කරනු ලැබූ මිසයිල ප්‍රහාරයකින් තලෙයිබාන් ත්‍රස්තවාදීන් 54 දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. මිය ගිය පිරිස අතර තලෙයිබාන් සංවිධානයේ ඉහළ මට්ටමේ නායකයන් දෙදෙනකු සහ අල් කයිඩා සංවිධාන ජාලයට අයත් පාකිස්තාන ජාතිකයකු ද සිටින බව තහවුරු වී තිබේ. මේ ප්‍රහාරයෙන් තවත් ත්‍රස්තවාදීන් 16 දෙනකු තුවාල ලබන්නට ඇතැයි අනුමාන කෙරේ.

ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඩ් පළාතේදී එම මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඇෆ්ගනිස්තාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

එසේ වුවත් දිගින් දිගටම සිය ප්‍රහාර ඉහළ දමමින් සිටින තලෙයිබාන් සංවිධානය පෙරේදා නැගෙනහිර පළාතේ ටලෝකෝන් නගරයද අත්පත් කරගත් අතර, එය ඔවුන්ගේ පාලනයට නතුවූ 5 වැනි පළාත් නගරය වේ. ඒ අනුව ඉදිරියේදී එරට අගනුවර වන කාබුල් නගරයේ බලය අත්කරගැනීමට තලෙයිබාන් සංවිධානය මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ඇතැයි එරට රජය බිය පළ කර තිබේ.

ඇෆ්ගනිස්තානයේ රජයේ හමුදාව සහ සිවිල් ජනතාව ඉලක්ක කරමින් පසුගිය මාසයේ සිට තලෙයිබාන් ත්‍රස්තවාදින් සිය මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු ආරක්ෂක හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලැබූ දරුණුතම ප්‍රහාරය මෙය බව වාර්තා වේ.

පසුගිය සති කිහිපය තුළ ත්‍රස්තවාදීන් එරට දිස්ත්‍රික්ක ගණනාවක බලය තහවුරු කරගත් අතර, ඊට ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර පළාතේ ටකාර් දිස්ත්‍රික්කය ද ඇතුළත්ය. මීට අමතරව ඔවුන් එරට නැව් භාණ්ඩ බහාලුම් මධ්‍යස්ථාන 6ක් ද පසුගිය සති කිහිපය තුළ අත්කරගෙන සිටී.