එක්සත් ජාතික පක්ෂය නැවත බලයට එනවා නම් ජනතාව ඉතා කැමැත්තෙන් සිටින බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ මූලික සංවිධායකත්වයෙන් රට පුරා ආසන මට්ටමින් පැවැත්වෙන “මහජන සභාව” වැඩසටහන් මාලාවේ පළමු මහජන හමුව අමතමින් සමන් රත්නප්‍රිය මහතා මේ බව සඳහන් කළේය.
මහජන සභාව වැඩසටහන් නවයක් කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු අතර දිවුලපිටිය ආසනය කේන්ද්‍ර කරගනිමින් ජනතාව අතරට ගොස් පෙරේදා (8) පැවැත්වුණේ එහි දසවන වැඩසටහනයි.
ගමේ පවතින ප්‍රශ්න ගමේ ජනතාවගෙන්ම විමසා දැන ඊට විසඳුම් ලබාදීමේ ප්‍රතිපත්ති සකස් කිරීම මෙම වැඩසටහන් මාලාව ප්‍රධාන අරමුණයි.