28 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඑමිරේට්ස් රජය කොවිඩ් තුන්වැනි මාත්‍රාවත් දෙයි

එමිරේට්ස් රජය කොවිඩ් තුන්වැනි මාත්‍රාවත් දෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොවිඩ් මර්දන දෙවැනි එන්නත් මාත්‍රාව ගත් ජනතාවට සිය සිරුරේ ප්‍රතිශක්තිකරණය තව දුරටත් වර්ධනය කරගැනීම සඳහා තුන්වැනි එන්නත් මාත්‍රාව ගැනීමේ අවස්ථාව සලසා දීමට එරට රජය පියවර ගෙන ඇත. එම තුන්වැනි මාත්‍රාව (බූස්ටර්) සඳහා ප්‍රතිපාදන තව දුරටත් පුළුල් කිරීමට ද එරට රජය කටයුතු යොදා තිබේ.

කොවිඩ් මර්දන එන්නත් දෙවැනි මාත්‍රාව ගත් ඉහළ අවදානම් සහිත අයට මාස තුනකට පසුව ද, එවැනි අවදානමක් නැති අයට මාස 6කට පසුව ද බූස්ටර් එන්නත්කරණය ලබාදීමට පියවර ගෙන ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය හදිසි ආපදා කළමනාකරණ අධිකාරිය නිවේදනය කළ බව රොයිටර් පුවත්සේවය වාර්තා කළේය.

කොවිඩ් මර්දන එන්නත් වර්ග 5කට අනුමැතිය දී ඇති එරට රජය මේ බූස්ටර් එන්නත්කරණය ලබාදීමට පියවර ගෙන ඇත්තේ විදේශීය සංචාරකයන් බහුලව ගැවසෙන ලොව වඩාත්ම අවධානය දිනු රටක් වන බැවිනි.

එරට ජනතාවගෙන් මේ වන විට 79% ක ප්‍රමාණයක් කොවිඩ් මර්දන පළමු මාත්‍රාව ගෙන ඇති අතර, ඉන් 70% ක්ම දෙවැනි මාත්‍රාව ද සම්පූර්ණ කර තිබේ.