― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsබහරේනයේ මිකෝට තරග තහනමක්

බහරේනයේ මිකෝට තරග තහනමක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී රුධිර පාරවිලයනය සිදු කිරීම හේතුවෙන් බහරේනයේ මීටර් 1500 ක්‍රීඩක අල්සාදික් මිකෝට තාවකාලික තරග තහනමක් ලබාදීමට අන්තර්ජාතික තහනම් උත්තේජක ආයතනය පියවර ගනියි. මේ හේතුවෙන් මීටර් 1500 ධාවන තරගයේ මුලික වටයට සහභාගී වූ ඔහුට අවසන් පූර්ව වටය අහිමි විය.

අල්සාදික් මිකෝට තාවකාලික තරග තහනමක්ට එරෙහිව ඔහුගේ රුධිර සාම්පලයේ ‘බී’ පරීක්‍ෂාවට යෑමට හැකියාව ඇත. තහනම් උත්තේජන රුධිරය තුළ ඇති අවස්ථාවක මාංශ පේශි වලට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ලැබෙන අතර, එමගින් අසාමාන්‍ය ලෙස වේගය වැඩි වී ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි. ස්වයං රුධිර පාරවිලයනය සඳහා ගබඩා කර ඇති පුද්ගලයකුගේම රුධිරය භාවිතා කරන අතර, අල්සාදික් මිකෝගේ රුධිර සාම්පල පරීක්ෂාවේදී තහනම් උත්තේජක සංඝටක අඩංගුව තිබූ බව සඳහන් වේ.