27.8 C
Colombo
Thursday, July 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොව අඩුම උපත් බර වාර්තා කළ‍ දැරිය මාස 13කට පසු ආරක්ෂිතයි

ලොව අඩුම උපත් බර වාර්තා කළ‍ දැරිය මාස 13කට පසු ආරක්ෂිතයි

ලොව අඩුම උපත් බර වාර්තා වූ සිංගප්පූරුවේ ක්වෙක් යූ ෂුයැං නමැති බිළිඳිය මාස 13ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගැනීමෙන් පසු මුදා හැරීමට එරට රෝහල් බලධාරිහු පියවර ගත්හ. ග්‍රෑම් 212ක බරකින් යුතුව හා සෙන්ටිමීටර් 24ක උස ප්‍රමාණයකින් යුතුව මෙලොව එළිය දුටු මේ දැරිය රෝහල් බලධාරීන් විසින් ඇගේ මාපියන්ට බාර දෙනු ලැබුවේ ජීවිත අවදානම මුළුමනින්ම තුරන්වීමෙන් පසුය.

දැඩි රෝගී තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් නියමිත කාලයට වඩා මාස 4ක් අඩු කාලයකදී සිසේරියන් සැත්කමක් මගින් බිහි කළ දැරිය මාස 13කට පසු රෝහලෙන් මුදා හරින විට ඇගේ බර කිලෝග්‍රෑම් 6.3ක් දක්වා වර්ධනය වී තිබිණි.

ජීවත්වීමට ඇති අවස්ථාව ඉතා සීමිත බවට සහතික කරමින් දැඩි සත්කාර ඒකකයේ සුරක්ෂිතව ප්‍රතිකාර ගනිමින් සිටි දැරිය මේ වන විට සාමාන්‍ය තත්ත්වයක පසුවන බව රෝහල් වෛද්‍යවරු තහවුරු කර ඇත.