එජාප සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන
ලෝකයේ ජනගහනයට සමානුපාතික බලන විට ශ්‍රී ලංකාව අද කෝවිඩ් මරණ අනුපාතිකයේ පළමුවැනි තැන සිටිනා බව
එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (10) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය .
එහිදී ඒ මහතා මෙසේද කීය.
වර්තමානයේ රට පත් වෙලා තිබෙන තත්ත්වය පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළා. ඒවාට ඇහුම්කන් නොදී ක්‍රියා කළ නිසා අද මහජන ජීවිත විශාල වශයෙන් බිලි ගන්නා තත්ත්වයට පත්වෙලා තිබෙනවා. පළමුවෙන්ම අවබෝධ කරගත යුතුයි සෞඛ්‍ය අමාත්‍යංශය කියන්නේ කුමක්ද කියලා. පළපුරුදු දක්ෂ නිලධාරින්, කාලයක් තිස්සේ වැඩ කරන අය, ඒ ආයතන පිළිබඳ, අත්දැකීම ඇති නිලධාරීන් ඉතා වැදගත්. අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පළපුරුදු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් හැටියට කටයුතු කරපු විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා රෝග නිවාරණ අංශයේ හොඳ පළපුරුද්දක් තිබුණු අයෙක්.
ශිරෝමි අබයසිංහ