27.2 C
Colombo
Friday, August 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsටෝකියෝ ඔලිම්පික් උලෙළේ නව ලෝක වාර්තා 22ක්

ටෝකියෝ ඔලිම්පික් උලෙළේ නව ලෝක වාර්තා 22ක්

කොරෝනා වසංගතය හමුවේ වසර දෙකකට ආසන්න කාලයක් පුහුණුවීම් නොමැතිව හා නරඹන්නන් නොමැති ක්‍රීඩාංගණවල උණුසුම අඩුව තිබියදී නිමා වූ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී නව ලෝක වාර්තා 22ක් බිඳ වැටෙයි. එය 2016 රියෝ ඔලිම්පික් උලෙළට වඩා ලෝක වාර්තා 6ක අඩු වීමකි.

පාපැදි ඉසව්වලින් නව ලෝක වාර්තා 6ක් බිහිවූ අතර, පිහිනුම් ඉසව්වලින් නව ලෝක වාර්තා 6ක් බිඳ වැටිණි. බර ඉසිලීමෙන් නව ලෝක වාර්තා 4ක්, මලල ක්‍රීඩාවලින් ලෝක වාර්තා 3ක් හා වෙඩි තැබීමෙන් නව ලෝක වාර්තාවක් බිහි විය. ඔලිම්පික් ක්‍රීඩා උලෙළට මුල්වරට එක්වූ නැගීමේ ක්‍රීඩා ඉසව්වලින් (sports climbing) තවත් ලෝක වාර්තා 2ක් බිහි විය.

ඔලිම්පික් ක්‍රීඩා විශ්ලේෂණ ප්‍රධානී සයිමන් ග්ලීව් මහතා ඊයේ මාධ්‍ය අමතමින් පැවැසූවේ ටෝකියෝවේ බිඳ දැමූ ලෝක වාර්තා 22 මීට වසර පහකට පෙර රියෝහිදී බිද වැටුණු වාර්තා හා සැසැඳිය නොහැකි බවයි. කොරෝනා හේතුවෙන් පැවැති බාධක අබිබවා මෙවර පිහිටවූ වාර්තා ඉතිහාසගත වන බව ඒ මහතා පැවැසීය. කලින් පැවැති රියෝ උලෙළේ නව ලෝක වාර්තා 27ක් බිහි වූයේ නිසි පරිදි පුහුණු සැලසුම් සාර්ථක කරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බව ඒ මහතා පැවැසීය.

වසර 26කට පසුව තුම් පිම්ම නව ලෝක වාර්තාවක් මීටර් 15. 67කින් බිහි කළ වෙනිසියුලානු ක්‍රීඩිකා යුලිමාර් රොජාස්. මේ ඉසව්වේ පැරණි ලෝක වාර්තාව 1995දී යුක්රේනයේ ඉනෙස්සා ක්‍රාවේට්ස් මීටර් 15. 50කින් බිහි කර තිබිණි.

ඡායාරූපය: ප්‍රින්ස් ගුණසේකර

ප්‍රින්ස් ගුණසේකර ජපානයේ

ටෝකියෝ නුවර සිට…