31 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසීනි හිඟයක් නෑ

සීනි හිඟයක් නෑ

සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

රට තුළ සීනි හිඟයක් ඇතිවීමට කිසිදු හේතුවක් නොමැති බවත්, ඒ පිළිබඳ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය දැනුම්වත් කර ඇති බවත්, සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ (10) ප්‍රකාශ කළේය.

සීනි හිඟයක් ඇති වෙතැයි පාරිභෝගිකයන් අතර ද බියක් මතු වී තිබෙන අතර රටට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා විශාල වශයෙන් මාස 03ටත් අධික කාලයක් සඳහා සීනි සංචිතයක් පවතින බවද ඇමැතිවරයා කීය.

සීනිවල බදු අඩු කිරීම හේතුවෙන් විශාල ප්‍රමාණයක් සීනි ආනයනය කර ඇති බැවින් මෙලෙස සංචිතයක් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.