පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක
ආණ්ඩුව ගන්නා ක්‍රියා මාර්ග අනුව රටේ කොවිඩ් ව්‍යාප්තිය අඩු වෙනවාද, වැඩි වෙනවාද යන්න තීරණ වන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසිය.
මන්ත්‍රීවරයා එසේ පැවසුවේ පවතින කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් දිනමිණට අදහස් දක්වමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
කොවිඩ් 19 සමාජ ගතවීම දැන් සිදු වී අවසන්. ආණ්ඩුව එය පිළිගන්න ඕනෑ. මග හරින්න බැහැ. එන්නත්කරණය වේගයෙන් ක්‍රියාත්මක කිරීම තුළින් සහ ජනතාව තම තමන් ආරක්ෂාවීම තුළින් කොවිඩ් වසංගතයෙන් බේරී සිටින්න පුළුවන්. ප්‍රමාණය ඉක්මවා රට විවෘත කර තැබීම හරහා කොවිඩ් සමාජ ගතවීම වලක්වන්න බැහැ. සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් සමාජ දුරස්ථ භාවය ඇති කිරීමට ජනතාව උනන්දු කරවීම සහ එයට අනුබල දීමට රජය ක්‍රියා කරන්න ඕනෑ. විවිධ වෛද්‍ය සංගම් සහ විද්වතුන් කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ කරන ප්‍රකාශ අප දුටුවා. මේවායින් කියවෙන පොදු කාරණය තමයි සමාජ දුරස්ථකරණය තබා ගැනීම. රට තාවකාලිකව හෝ යම් ආකාරයක වසා දැමීමකට ක්‍රියා කළ යුතුයි. රටක් සම්පූර්ණයෙන් වසා දමා දීර්ඝ කාලීනව ගමන් කරන්න අමාරුයි. එම නිසා මෙම අවස්ථාවේදී අප හදුනා ගන්න ඕනෑ කොවිඩ් ව්‍යාප්තිය සිදුවන ආකාරය. කොවිඩ් ව්‍යාප්තිය වැලැක්වීම ආණ්ඩුවේ වගකීමක්. ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග අනුව තමයි කොවිඩ් වලක්වා ගැනීමට හැකිවන්නේ. හැබැයි සංචාරකයන් ගෙන්වීමට ගත් තීන්දුව මේ අවස්ථාවේ නරක තීරණයක් ලෙස අප දකිනවා. අපට විදේශ මුදල්වල හිඟයක් තිබෙන බව ඇත්ත. නමුත් විදේශ මුදල් පසුපස ගොස් කොවිඩ් වසංගතය ආනයනය කර ගන්න වුවමනා නැහැ. මේ අවස්ථාවේ රටේ ආර්ථික, පැවැත්ම පිළිබඳ කල්පනා කරනවා වගේම කොවිඩ් නිසා ජනතාවට වන අනතුර පිළිබඳ අප දැඩි ලෙස සිතා බැලිය යුතුයි. ආර්ථිකය ගොඩනගන්න ඕනෑ ජනතාව සමඟයි. ජනතාවගේ ජීවත් වීම සහ සෞඛ්‍යාරක්ෂාවට මුල්තැන දෙමින් රට ගෙන යෑමට ආණ්ඩු කටයුතු කෙළේ නැත්නම් කොවිඩ් ව්‍යසනයෙන් විශාල බලපෑමකට අප ලක් වෙනවා.
උපාලි කරුණාරත්න