27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුහල්පති - ගුරු සේවා පිරිස්වලට අන්තර් කාලීන දීමනාවක් ගෙවිය යුතුයි

විදුහල්පති – ගුරු සේවා පිරිස්වලට අන්තර් කාලීන දීමනාවක් ගෙවිය යුතුයි

ලංකා සමසමාජ පක්ෂය – ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියයි

විදුහල්පති – ගුරු වැටුප් විසමතාවය විසඳීම පිළිබඳ ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවට සහ අදාළ පාර්ශ්වයන්ට යෝජනා රැසක් ඉදිරිපත් කර තිබේ.

ලංකා සමසමාජ පක්ෂය නායක මහාචර්ය තිස්ස විතාරණ සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කැර ඇති එම නිවෙිදනයේ මෙසේද සඳහන් වෙයි.

විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් පැහැදිලි වැටුප් විෂමතාවයකට ලක් වී ඇති බව හා එය නිවැරදි කළ යුතු බව ආණ්ඩුව පිළිගත යුතුව තිබේ. මෙම සේවාවලට සාධාරණ වැටුප් ගෙවිය යුතු අතර එම වෘත්තීන්වල අභිමානය රැකෙන අයුරින් එම වැටුප් සකස් විය යුතු බව අපගේ පිළිගැනීමයි. කෙසේ වුවද පසුගිය වසර ගණනාවක් පුරා විටින් විට රාජ්‍ය සේවය තුළ සිදු කොට ඇති විවිධ වැටුප් වැඩවීම් නිසා සමස්ථ රාජ්‍ය සේවය තුළම වැටුප් විෂමතා ඇති වී තිබෙන බව පිළිගතයුතු කරුණකි. මෙම තත්ත්වය තුළ වඩාත් ප්‍රශස්ත ක්‍රියාමාර්ගය වන්නේ, සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් විසමතා දුරු කිරීමේ අරමුණින් නව වැටුප් කොමිසමක් පත්කිරීම හා එහි කටයුතු සාධාරණ කාල සීමාවක් තුළ අවසන් කිරීමයි. එවැනි කොමිසමක් පත්කර එහි කටයුතු අවසන් කරන තෙක් විදුහල්පති හා ගුරු සේවාවල පිරිස් සඳහා අන්තර් කාලීන දීමනාවක් ගෙවිය යුතු අප පක්ෂ දෙකේ මූලික අදහසයි.

උපාලි කරුණාරත්න