― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඔලිම්පික් උලෙළක බොක්සිං අවසන් තරග 2ක් විනිශ්චය කරමින් ශ්‍රී ලංකාව වාර්තාවක් පිහිටුවයි

ඔලිම්පික් උලෙළක බොක්සිං අවසන් තරග 2ක් විනිශ්චය කරමින් ශ්‍රී ලංකාව වාර්තාවක් පිහිටුවයි

ජගත් සභාපති තෝමස් බැච්ගෙන් නෙල්කාට පැසසුම්

ඔලිම්පික් ක්‍රීඩා උලෙළක බොක්සිං අවසන් තරග දෙකක් විනිශ්චය කළ එකම කාන්තා විනිසුරු ලෙස නෙල්කා ශිරෝමාලා මහත්මිය නව වාර්තාවක් තබයි. ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් උලෙළකට සුදුසුකම් ලැබූ මුල්ම විනිසුරුවරිය වූ ඇය ඔලිම්පික් උලෙළේ අවසන් තරග 9න් දෙකකම ප්‍රධාන විනිසුරුවරිය ලෙස කටයුතු කිරීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටු බොක්සිං සංවිධායකයෝ තෝරා ගත්හ. එබැවින් එවැනි වැඩි අවස්ථාවක් උදා වූ මුල්ම බොක්සිං විනිසුරුවරිය ලෙස ඇය ඉතිහාසයට එක් වේ.

ටෝකියෝ ඔලිම්පික් උලෙළේ කිලෝග්‍රෑම් 57 – 60 බර පන්තියේ අයර්ලන්තය හා බ්‍රසීලය අතර රන් දක්කම සඳහා වූ අවසන් තරගයෙත්, කිලෝග්‍රෑම් 81 – 91 බර පන්තිය යටතේ රුසියාව හා කියුබාව අතර රන් පදක්කම සඳහා වූ අවසන් තරගයෙත් නෙල්කා මහත්මිය ප්‍රධාන විනිසුරුවරිය ලෙස කටයුතු කළාය.

ටෝකියෝ ඔලිම්පික් උලෙළට අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ විශේෂ සුදුසුකම් පරික්ෂාවකින් අනතුරුව ලොව පුරා බොක්සිං විනිසුරුවන් 36ක් තෝරා ගෙන තිබූ අතර, එයින් තිදෙනකු තරගාවලිය අතරතුරදි විවිධ චෝදනා මත ටෝකියෝ නුවරින් පිටුවහල් කර තිබිණි. ටෝකියෝ නුවර බොක්සිං තරග අවසන් වන තුරු සිටි විනිසුරුවන් අතුරින් නෙල්කා ශිරෝමාලා මහත්මියට අවසන් තරග දෙකකම ප්‍රධාන විනිසුරුවරිය ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ ඇය ඉතා තියුණු ලෙස තරග විනිශ්චයේ සාර්ථකත්වයක් පෙන්නුම් කළ නිසාය.

“ඇත්තටම සතුටුයි ඔලිම්පික් උලෙළේ අවසන් තරග දෙකක් විනිශ්චය කිරීම. ඒක ඉතිහාසයේ පළමු වරට සිදු වූවක්. ඔලිම්පික් බොක්සිං වළල්ලේ එහෙම අවස්ථා දෙන්නෙම නෑ. එහෙත් මගේ සාර්ථකත්වය අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව දැක්කා. සභාපති තෝමස් බැච් මහතා ඇවිත් මගේ තරගය බැලුවා. ඔලිම්පික් කමිටු සභාපති තරගය අවසන් වූ පසුව කිව්වේ කාන්තාවන්ගේ උත්සහය වැඩි කිරීමට මගේ දක්ෂතා වැදගත් වූ බවයි. ඒ වගේම සංවිධායකයන්ට කිව්වා කාන්තාවන්ට වැඩි අවස්ථා ලබා දීම ඉතා හොඳ ආදර්ශයක් බව. ශ්‍රී ලංකාවේ මට කැපිලි කෙටිලි දාපු අයට මා කිසිම දෙයක් කිව්වේ නෑ. මගේ ගමන ගියා. ඒ අයට මගේ වැඩ පෙන්නුවා” නෙල්කා ශිරෝමාලා මහත්මිය ‘දිනමිණ’ට පැවැසූවාය.

ඇය මුල්පෙළේ බොක්සිං තරග තීරකවරියක හා විනිසුරුවරියක වශයෙන් කටයුතු කළ ද වෘත්තීයෙන් ශ්‍රී ලංකා පොලීසියේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියකි. ඇය ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති අතර, 1997 වර්ෂයේ දී ආධුනික කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක ලෙස පොලිස් සේවයට එක් වූවාය. ඇය 2001 වර්ෂයේ පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ජාතික තරගාවලියකට සහභාගී වූ පළමු කාන්තා බොක්සිං ක්‍රීඩිකාව වේ.

2001 – 2006 දක්වා ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් බොක්සිං තරගාවලි සඳහා සහභාගී වූ ශිරෝමාලා අඛණ්ඩව වසර 5ක් දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාවට හිමි සම්මානය ද දිනා ගත්තාය.

පසුව 2009 වසරේ පළමු වරට ශ්‍රී ලංකා කාන්තාවන් සඳහා වු බොක්සිං තරග තීරක පාඨමාලාව සමත්වී 2011 වෙද්දී පළමු පෙළ අන්තර්ජාතික බොක්සිං තරඟ විනිසුරුවරියක් වශයෙන් උසස්වීම් ලබා ගත්තාය. ඇය 2011 වර්ෂයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර්ජාතික තරඟාවලියක් විනිශ්චය කළ පළමු කාන්තා බොක්සිං විනිසුරුවරිය ලෙස ඉතිහාසගත වූවාය.

2011 වසරේදී ලන්ඩන් හි පැවති ඔලිම්පික් පූර්ව තේරීම් තරගාවලියට සහභාගී වීමට වරම් ලබා ඇති ඇය අන්තර්ජාතික දෙවැනි පෙළ විනිසුරුවරියක් ලෙස උසස් වීම් ලබා යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය, ඔලිම්පික් තේරීම් තරගාවලිය, ආසියානු මහ­ාද්වීප බොක්සිං තරගාවලිය, අග්නිදිග ආසියානු බොක්සිං තරගාවලිය ඇතුලු විවිධ අන්තර්ජාතික බොක්සිං තරගාවලි රැසක් විනිශ්චය කරමින් අත්දැකීම් එක්කර ගත්තාය. එමෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලයීය හා ආසියා ක්‍රීඩා උලෙළේ බොක්සිං වළල්ලේද ඇය තම දක්ෂතා පෙන්නුම් කළාය. ඇය 2017 වර්ෂයේ දී ආසියාවේ දක්ෂතම බොක්සිං විනිසුරුවරියට හිමි සම්මානය හිමිකර ගෙන ක්‍රමයෙන් අන්තර්ජාතික තලයේ ඉහළටම පැමිණියාය.

නෙල්කාගේ පියා දක්ෂ බොක්සිං ක්‍රීඩකයකු වූ තම්පු සම්පත් මහතාය. රජරට බොක්සිං ශූරයා ලෙසින් එකල ඔහු හැඳින්වූ අතර, බොක්සිං වළල්ලේ නම දිනූ අයෙකි. ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කළ කීර්තිමත් බොක්සිං ක්‍රීඩකයෙක් විය. නෙල්කා මහත්මියගේ පියා පිට පිට වසර 7ක් බොක්සිං හෙවිවේට් බර පන්තියේ ජාතික ශූරයා ද විය.

ප්‍රින්ස් ගුණසේකර