35 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකාශ්මීරයේ දේශපාලන ක්‍රියාකාරීන් 40ක් ඝාතනය කරලා

කාශ්මීරයේ දේශපාලන ක්‍රියාකාරීන් 40ක් ඝාතනය කරලා

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරමින් ජම්මු කාශ්මීර් ප්‍රාන්තයට බලපෑ 370 වගන්තිය ඉවත් කිරීමෙන් පසු අවම වශයෙන් දේශපාලන ක්‍රියාකාරීන් 40 දෙනකු එම ප්‍රාන්තය තුළදී ඝාතනයට ලක් වී ඇතැයි ඩෙකෑන් හැරල්ඩ් පුවත් සේවය වාර්තා කළේය.

වසර 2019 දී 370 වගන්තිය ඉවත් කරනු ලැබූ අතර, මේ දක්වා කාලය අතරතුර දේශපාලන ක්‍රියාකාරිකයන්ට අමතරව ග්‍රාමීය මට්ටමේ සේවකයන් රැසක් ද ඝාතනයට ලක් වී ඇතැයි එම පුවත් සේවය වැඩි දුරටත් වාර්තා කළේය.

ඝාතනයට ලක්වූ දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් භාරතීය ජනතා පක්ෂයේ හිතවතුන් බවත්, මෑතකදී එම පක්ෂයට සම්බන්ධ ග්‍රාමීය විනිසුරුවරයකුගේ බිරිඳ දකුණු කාශ්මිරයේදී ලක්ෂ්කර් ඊ ටයිබා සංවිධානයට අයත් හමුදාව විසින් ඝාතනය කරනු ලැබූ බව ද අනාවරණය වී තිබේ.

කාශ්මීර් ප්‍රාන්තයේ අවම වශයෙන් භාරතීය ජනතා පක්ෂයේ පාක්ෂිකයන් ලක්ෂ 7.5ක් සිටින බවට වාර්තා වන අතර, එම ජනතාවට කිසිදු ආරක්ෂාවක් නැති බව ද සඳහන් වේ.