29 C
Colombo
Saturday, May 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමැලේසියාවේ කොවිඩ් ආසාදිත ගායිකාව මරුට

මැලේසියාවේ කොවිඩ් ආසාදිත ගායිකාව මරුට

කොවිඩ් ආසාදනය වූ මැලේසියාවේ ජනප්‍රිය ගායිකා සාරා රයිසුදීන් තම සිව්වන දරු ප්‍රසූතිය අතරතුර මරණයට පත් වී තිබේ. ඔක්සිජන් ඌනතාවට මුහුණ දෙමින් සිටි අටමස් ගැබිනියක වූ ඇය කෝමා තත්ත්වයෙන් පසු වූ බැවින් වෛද්‍යවරු ඇයගේ දරුවා ශල්‍යකර්මයක් මඟින් ඉවතට ගැනීමට කටයුතු කළහ. දරුවා ආරක්ෂිතව පසු වූවද මවගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි විය.

මිය යෑමට පෙර ඇයට අවසාන වතාවට වීඩියෝ ඇමතුමක් ගත් බවත් එවිට ඇයගේ දෑසින් කඳුළු කඩා හැලුණු බවත් ඇගේ සැමියා වාර්තාකරුවන්ට කියා සිටියේය. විකට නළුවකු වන ඇගේ සැමියා ශුයිබ් සෙපහ්තු පැවැසුවේ, අප ඇයට පැවැසූ දේ ඇයට තේරුම්ගත හැකි වුණා. මට තිබූ ලොකුම අභියෝගය තමයි මවගේ අභාවය ගැන අනිත් දරුවන් තිදෙනාට දන්වා සිටීම යැයි වාර්තාකරුවන්ට කියා සිටියේ කඳුළු පිරුණු දැසින් යුතුවය.