― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරට පුරා විසිරී සිටින තරුණ තරුණියන්ගේ නව අදහස්වලට සවන් දෙමු

රට පුරා විසිරී සිටින තරුණ තරුණියන්ගේ නව අදහස්වලට සවන් දෙමු

‘අන්තර්ජාතික තරුණ දිනය’ වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ඇමැති නාමල් රාජපක්ෂ කියයි

රට පුරා විසිරී සිටින තරුණ තරුණියන්ගේ නව අදහස්වලට සවන් දෙමින් ඔවුන්ගේ දැක්ම, රටේ දැක්ම සමඟ යාවත්කාලීන කිරීමට හැකිවීම ජීවිතයේ තමන් ලැබූ භාග්‍යයක් බව තරුණ හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා අදට (12) යෙදී ඇති ‘අන්තර්ජාතික තරුණ දිනය’ වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

තාරුණ්‍යයේ වටිනාකම ලොව සියලු දෙනාගේ අවධානයට පාත්‍ර කරමින් සෑම වසරකම අගෝස්තු 12 වැනිදා සමරනු ලබන “අන්තර්ජාතික තරුණ දිනය – 2021” නිමිත්තෙන් සුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටින් යැයි රාජපක්ෂ මහතා එම නිවේදනයේ සඳහන් කර තිබේ.

‘මානව හා ගෝලීය සෞඛ්‍ය උදෙසා ආහාර පද්ධති පරිවර්තනයට තරුණ ප්‍රජාවේ නවොත්පාදනයන්’ යන්න මෙවර එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර තරුණ දින තේමාව වී තිබේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් මුළු ලොවම පීඩාවට පත්ව සිටින මෙවැනි වටපිටාවක අනාගත ලෝකයේ සෞඛ්‍ය සම්පන්න හා නිරෝගී මිනිසකු නිර්මාණය උදෙසා තරුණ දායකත්වය මෙවැනි තේමාවක් යටතේ පෙළගැසීම ප්‍රශංසනීය වේ. ජානාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවේ ආශිර්වාදය මත තරුණ හා ක්‍රීඩා විෂය ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් තාරුණ්‍යයේ අධ්‍යාපනය, ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනය වැඩි දියුණු කිරීමට හැකිවීම අප ලැබූ භාග්‍යයකි.

විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිය නිර්මාණශීලි දක්ෂතාවන් එළිදක්වමින් පෙරට ආ ශ්‍රී ලාංකේය තාරුණ්‍ය කොවිඩ් වසංගත තත්ත්වයට මුහුණ දීම උදෙසා අඛණ්ඩව මේ දක්වා දක්වන දායකත්වය අන්තර්ජාතික තරුණ දිනයේ දී ඇගයීමට ලක්විය යුතු බව මාගේ විශ්වාසයයි.

2030 වසරේ දී ගෝලීය තිරසර ඉලක්ක සපුරා ගැනීමේ දී තාරුණ්‍යය එහි ප්‍රබල සාධකයකි. අපේක්ෂිත ඉලක්ක වෙත පිවිසීමේ දී ආහාර පද්ධතිවල බලපෑම නව ප්‍රවේශයකින් සාකච්ඡා කළ යුතුව ඇත. නිර්මාංශ ආහාර වේලක ඇති වටිනාකම මෙන්ම දේශගුණික විපර්යාස පීඩාවන් අවම කැර ගැනීමට එමඟින් ලැබෙන දායකත්වය ආදිය ගැන තරුණ ප්‍රජාව දැනුවත් වීම ඉතා වැදගත්ය.සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් ආණ්ඩුව කාබනික කෘෂි කර්මාන්තය පිළිබඳ සමාජ කතිකාවක් නිර්මාණය කරමින් එය ක්‍රියාවට නැංවීමට පියවර ගනු ලැබුවේ ද අනාගත පරපුරේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා බව සිහිපත් කළ යුතුය.

ශ්‍රී ලංකාව ඇතුළු අන්තර්ජාතිත තරුණ දිනය සමරන ලොව පුරා සියළුම තරුණ තරුණියන්ට අභියෝග හමුවේ නොසැලෙමින් එහි අභිමතාර්ථ ජය ගැනීමට අවශ්‍ය ශක්තිය ලැබේවා! යැයි සුබ ප්‍රාර්ථනා එක් කරමි.

අපි “එක්ව ජයගමු”