― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරාජ්‍ය සේවකයන් ආණ්ඩුවට බලය දීමේ විපාක විඳිනවා

රාජ්‍ය සේවකයන් ආණ්ඩුවට බලය දීමේ විපාක විඳිනවා

රුවන් විජයවර්ධන

රජයේ සේවකයන්ගේ වැටුප් විසමතා අවසන් කිරීමට යහපාලන ආණ්ඩුව අය වැයෙන් මුදල් අනුමත කර තිබියදී රජයේ සේවකයන් එය අමතක කර පොදුජන පෙරමුණු ආණ්ඩුව බලයට ගෙන ඒමේ ආදීනව ඔවුන් අත් විඳින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

රට සති දෙකකට වසන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිද්දී, රට විවෘතව තබා ගනිමින් ශ්‍රී ලාංකික ජනතාව කොවිඩ් මාරයාට බිලි දීමේ පූර්ණ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවත්, කොවිඩ් කාර්ය සාධක බළකායත් භාර ගත යුතුව ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

එන්නත්කරණය පමණක් කොවිඩ් මර්දනයට විසඳුමක් නොවන බව විශේෂඥ වෛද්‍යවරුන් කියද්දී පවතින එකම විසඳුම එන්නත පමණක් බවට ආණ්ඩුව ජනතාවට ඒත්තු ගන්වමින් රට විවෘත කර ගෙන සිටින බවද නියෝජ්‍ය නායකයා කීවේය.

කොළඹදී ඉකුත් දා පැවති එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනට එක් වෙමින් නියෝජ්‍ය නායකයා මේ බව සඳහන් කළේය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය.

“ජනතාව අද ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. ආර්ථිකය ශීඝ්‍රයෙන් කඩා වැටිලා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු තියෙන හැමදාම ජනතාවගේ අතේ යහමින් මුදල් තිබුණා. පොදුජන පෙරමුණු ආණ්ඩු බලයට පත්වන හැම වෙලාවෙම ජනතාවගේ පොකට් එකට ගැහුවා මිසක් ජනතාවගේ පොකට් එකට මුදල් දැම්මේ නැහැ. අපි 2015 දී රුපියල් 10,000කින් වැටුප් වැඩි කළේ නැතිනම් රාජ්‍ය සේවකයන්ගෙන් හරි අඩක් කන්න නැතුව මිය යන්න තිබුණා.

අපේ ආණ්ඩුව ගුරුවරුන් ඇතුළු සියලු රජයේ සේවකයන්ගේ වැටුපට තවත් රුපියල් 2,500ක වැටුප් වැඩි වීමක් 2020 සිට දෙන්න අනුමත කරලා තිබුණේ. 2020 අපේ ආණ්ඩුව තිබුණා නම් ගුරුවරුන්ගේ වැටුප් විසමතාවත් අවසන් වෙනවා.”

ශිරෝමි අබයසිංහ